ගිනි වැදී දැවෙන සත් කුළු පව්ව
දැක හිනහෙන රොබරෝසියා
සුවඳ නොම දී දෙනෙත් ඇදගෙන
විකසිතව හිනහෙන
වසන්තය ඇවිත් දිගුවැලි
ගං තෙරට...
රෝස දම් පෙති වසන මං සොයා
ගත නොහී වල් මත් වූ කලෙක
රොනට යන බඹර කැළ සේ
බමන හිස් ඇතිව
පොතෙන් සිත දුරක ගෙන
දිව යයි සිප් බිම පුරාම....
රත් පැහැ ගිනියම් අහස් කුස
අකම්පිත ඇයි මියෙන
තණපත් දැක ඔහොම
රොබරෝසියා පෙති සැලෙන
දුකටද
නොම සළනුයේ නුඹේ
සිසිල් කඳුලු බිඳු ගොන්න....
අපුරු නිර්මාණයක්.. :)
ReplyDeleteස්තුතියි ගොඩක් අදහසට
Delete//මිතුර නුඹ බිහි වුණා
ReplyDeleteනො වේ තුඟු අතුපතර
සබඳ නුඹ ඉපදුණේ
වියළි කොළ රොඩු අතර// (රොබරෝසියා වෙනුවෙන් ලියවුණු කවියක කොටසක්)
ස්තුතියි ගොඩක් අදහසට
Deleteඇත්තටම ලස්සනයි..
ReplyDeleteස්තුතියි ගොඩක් අදහසට
Deleteරොබරෝසියා වගේම කවියත් ලස්සනයි
ReplyDelete