Monday, July 30, 2012

නොදු‍ටු රුව

අඳුරු කඩතිර ඉරා
නුඹෙ සුවඳ විඳ ගන්නට
හිඳිමි යලි නුඹ එන තුරා
මගේ පාළු ලෝකයට....

පෙලක් මල් මත පාට තවරා
කලත් කැටයම් දෙව්ලියන්
කෙලෙස දකිමිද අඳුර විනිවිද
බලන්නට ඒ රූ දසුන්.......

අඟිලි තුඩකට දැනෙන නුඹෙ රුව
මට මාගෙ කර ගන්නට
හැකිවේද සිතේයි
පාලු මගේ ලෝකයට.......          

Saturday, July 21, 2012

සැබෑම පාරාදීසයක්මැයි

හුදෙකලාව සැබෑම පාරාදීසයක්මැයි
ඈත කඳු‍රැල්ල වසාගත් සේදයක් බඳු වූ මීදුම් වලාව
හාත්පස අරක්ගත් මද අඳුර තුලින් වැටෙන සිරිපොද දෙස
තනිකම අරක්ගත්  පාලු කුටියක දොරකඩ අසලට වී හිඳ
නෙතු අයා සිටියොත්
කවරෙකුට වුවද වැටහේ එය සබෑම තතු ලෙසට......

ඒ සොබාදහමෙන් මැවුනු පාරාදීසයේ
හුදකලාව නම් වූ පාලු අරණ තුල
ප්‍රේමය නම් වූ මායාවන් කිසිවක් නැත
දැහැන බිඳිමට ඇත්තේ සියොතුන් නඟන හඬඳ
වැහි පොදේ සිරි සිරියද මිස අන් කවරක්ද........

තම ප්‍රේමවන්තියගේ කෙලිලොල් වදන් නම් වු මිරිඟුවෙන්ද
මිහිරියයි පවසන්නා වූ පහස නම් වූ මායාවෙන්ද මිදී
යමෙක් හුදෙකලාව නම් වූ පාලු අරනට පිවිසියොත්
සබැවින්ම පසක් වේ සැබෑම පරාදීසය මෙයයි කියා !!!!!
                               

Friday, July 20, 2012

සිරගත ආදරය

තනි යහනට වී තනිවම මුමුනන
සුමිහිරි ගී වැල් කාගේ දෝ
දෙතොලින් නොකියන දෙනෙතින් පවසන
මුමුනන කතාව ඔබගේ දෝ.......

දුහුල් වතින් වැසි ලාලිත දේහය
නුරා මතින් පිරි නුඹේ නුවන් යුග
සුසුම් දුරක හිද බලා සිටින්නට
පවසයි මගෙ හිත ලොවට හොරෙන් මට......

අඳුරු ‍රැයක එටැම් කුටියේ හිඳ
ගයයි ඇගේ දුක ගීයක කැටිකොට
දුකින් හෙලන කඳුලැල් පිනි කැටි ලෙස
වැටෙනු මැනේ දිවි කතරට වැහි ලෙස.....

                                       

Monday, July 16, 2012

අඳුර

මරන බිය කුරිරු කම හාත්පස අරක්ගත්
ලේයින් කඳුලින් පිරුනු නිමල වු භුමියේ
ලබනු ලෙස සිප්සතර යදිනු ලෙස ජීවිතය
අදුරු සිර බිම් ගෙයද උරුම කල සරසවිය.....
   
    පැතු නමුත් මල් පියලි අතුල වු මාවතක්
    පිය තබනුයේ ලේයින් වැකුනු මල බිම් කඩක්
    හඬ නගා කියන්නට හඬ නගා අසන්නට
    ඇත දවල මරනයම අපේ දුක අසන්නට......

පෙනෙනු නැත කෙලවරක්
යුක්තියෙහි මායිමක්
ගෙවාලනු පිනිස
ලේ බිඳුවකට ණය බරක්.....

Tuesday, June 19, 2012

නුඹ

අරුමයක් නුඹ අරුමයක්
සිහිනයක් නුඹ සිහිනයක්
කිසිදාක නෙතු අසල නො‍රැ‍ඳෙන
හසඟනක් නුඹ හසඟනක්.....

රෑ පුරා නිදි යහන මත වැද
දකිමි ගෝමර පිරුනු නුඹෙ වත
විඳින්නට මුදු සිනිඳු සුව ලැම
වුව මැනේ සිහිනයක් රෑ කල........

ආදරය මායාව තුල ගිලි
සුසුම් සයුරු තෙර හුදකලාවෙහි
උන්මතෙකු ලෙස නෙතු අයාගෙන
කුමට හිඳිමිද නුඹ ලබන්නට........
                     
                                              



                                               

Thursday, June 14, 2012

නොමියන ආදරය

දෙනුවන් පරයා
දරුවන් ‍රැකගත්
දෙවෙනි බුදුන් වු අපෙ අම්මා
සදා වදින්නම් නුඹේ දෙපා මුල
නුඹේම කුලුන්දුල් පුතු වීලා ...//

නැතිමුත් අහරක් කුසට නුඹේ
නැතිමුත් සෙවනක් හිසට නුඹේ
සැදුවා මාවත සැදුවා ලෝකය
නුඹේ පුතුට පෙරදා අම්මේ ...//

ශිල්ප සතර නිම
කරදන්ඩු උස් වී
මහතෙකු වුවත් මා අම්මේ
ලබනට උණුසුම නුඹේ ලැමට වී
පැමිනෙන්නෙමි නුඹ වෙත අම්මේ... //

                                                       (written by hasith rangika nanayakkara yapa) 

Wednesday, June 13, 2012

අහිමි දිවිය

වසත් කල
මලින් බර
සුකෝමල සරසවිය
              
                          රිදුම් දෙය් දෙනුවනට
                          එතෙර ගං මහවැලිය
                          ලද නමුත් ඒ දිවිය
                          ජීවිතය විදගන්න
                          උරුම වුනි සැමදාම
                          කලුවරට වි ඉන්න