Friday, April 26, 2013

පිළිතුරු.....


සිතට බෑ සඟවන්න
පෙම නොලද ආදරය
ලොවට බෑ සඟවන්න
පෙම්වතුන් වූ ලෙසට
අතරමං වු ඇගේ
ජීවිතය සරසන්න
පැමිනෙයිද මතු ඇගේ
නිමාකල ප්‍රේමයම....
දිවි ගෙවමි ඇය සමග
දුර වුවද ආදරය
පියෙකු වෙමි
පියෙකු නැති
ඇගේ කුලුඳුල් පුතුට....

Thursday, April 25, 2013

සිතලද නුඹෙ දෑත ඔය තරම්......




ලංවන්න බැරි තරම් සීතලද ඔය දෑත
උණුසුමක පහසකුත් විඳල නැති තරමටම
දරදඬුද නුඹෙ පහස තුරුළු වනු බැරි ලෙසට
වෙන්වන්නේ නුඹ මගෙන් පෙර දැකල නැතිවාද.....